මධ්‍යම පළාතේ, සෙංකඩගල පුරවරයේ කටුගස්තොට කලාපයේ ඓතිහාසික වශයෙන් වැදගත්තම් රැසක් හිමි ප්‍රදේශයක පිහිටි අප පාසල ලක්මාවට දායාද වූ මනරම් තිලිනයකි.
1932 දී ශ්‍රී රාහුල විද්‍යාලය නම්නි ආරම්භ වූ මෙම පාසල බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස කොණකලගල විහාරාධිපති වහන්සේගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ ධර් ම ශාලාවේ පවත්වාගෙන යන ලදී. ආරම්භයේ මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 10ක් වූ අතර එස්.කේ. කොණකලගල මහතාගේ අනුග්‍රහයෙන් පසුව අක්කර භාගයක භූමි ප්‍රමාණයක පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. 1935 මාර් තු 7 වන දින රජයෙන් පත්කරන ලද ඩී.එම්. අප්පුහාමි මහතා මෙහි මුල් ගුරුවරයා ලෙස වැඩභාර ගෙන ඇත. ඒ වන විට පාසලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 19කි. 1957 වන විට විදුහල සතු භුමි ප්‍රමාණය අක්කර දෙකක් පමණ විය. 1992 වර් ෂය දක්වා මෙය කනිටු විදුහලක් ලෙස පවත්වාගෙන ගිය අතර 1992 දී මහා විද්‍යාලයක් බවට පත් විය.
වර්තමානය වන විට මෙහි පලම්වන ශ්‍රෙණියේ සිට 13 ශ්‍රේණය දක්වා අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන අතර උසස් පෙළ කල සහ වානිජ විෂය ධාරා දෙකම ක්‍රියාත්මක වන 1 C වර් ගයේ පාසලකි.
|
ආරම්භ කළ වර්ෂය |
1935 මාර් තු 07 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී.එම්. අප්පුහාමි මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ශ්‍රී සද්ධානන්ද ස්වාමින් වහන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ශ්‍රී රාහුල විද්‍යාලය |





