නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඩී.ජී.එන්. දමයන්ති
නව තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු තාක්ෂණයේද නිපුණයන් අප විද්‍යාලය තුල බිහිවනු දැකීම අපගේ සතුටට කරුණක් වී තිබේ. විශේෂයෙන්ම සියළු අංශයන්ට ආධාරක විශයක් ලෙස ප්‍රායෝගිකව තොරතුරු තාක්ෂණය භාවිත කිරීමේදී සිසුන්ගේ උනන්දුව ප්‍රශංසනීය වේ.
එහි නව ඇරඹුමක් ලෙස විද්‍යාලයීය නව වෙබ් අඩවිය නිර්මාණය කිරීම සිසුන් අතින්ම සිදුවනු දැකීම ඉතා අගය කරමු. එය ඉතා අලංකාරව සහ පරිපූර්ණව පාසලේ ප්‍රතිරූපය පිටත ලෝකයට ගෙන යනු ඇති බව අපගේ අපේක්ෂාවයි. මේ සඳහා දායක වූ ගුරු භවතුන් සහ සිසු කණ්ඩායමත් සිදු කරනු ලබන මෙහෙය ඉතා අගය කල යුතුය.
පෙර කී පරිදි අපගේ පාසලේ විශේෂත්වයත් ප්‍රතිරූපයත් ලොවට රැගෙන යාමේ කර්තව්‍යය ඉහළින්ම සාර්ථක වේවායි යන්න අපගේ ඒකායන පැතුමයි.
ඩී.ජී.එන්. දමයන්ති
නියෝජ්‍ය විදුහල්පතිනිය
ශ්‍රී සද්ධානන්ද මහා විද්‍ර්‍යාලය.





